― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋසස් පෙළ විභාග කාලසීමාව තුල විදුලි කප්පාදුවක් නෑ

උසස් පෙළ විභාග කාලසීමාව තුල විදුලි කප්පාදුවක් නෑ

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති නලින්ද ඉලංගකෝන් කියාසිටියේ සිසු සිසුවියන්ට අපහසුතාවක් නොවීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

මේ අතර 2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වන දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගය ආරම්භ කිරීමට දින 5කට පෙර ඊට අදාළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කරනු ලැබ ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.