23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෝඨාභය තහනම් කළ කටාර් චැරිටි හි තහනම ඉවතට

ගෝඨාභය තහනම් කළ කටාර් චැරිටි හි තහනම ඉවතට

කටාර් චැරිටි නම් වූ පුන්‍යායතනයේ ශ්‍රී ලංකා ශාඛාව යළි ඊයේ (11) දිනයේදී විවෘත කර තිබේ.

මෙම සංවිධානය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී තහනම් කරනු ලැබුවේ එය ත්‍රස්තවාදය සඳහා අනුබල දෙන සංවිධානයක් බව කියමිනි.

එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද සරත් වීරසේකර මෙම සංවිධානය තහනම් කිරීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

කටාර් චැරිටි ආයතනයේ මූල්‍ය අනුග්‍රහය, සේව්ද පර්ල් නම් තවත් සංවිධානයකට ලබා දී ඇති බව එවකට වාර්තා වූ අතර නීතීඥ හිජාස් හිස්බුල්ලා, එකී සේව්ද පර්ල් සංවිධානය හා සම්බන්ධ බවට චෝදනා කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන, දීර්ඝ කාලයක් රදවාගෙන සිටියේ ය.

රට බංකොලොත් භාවයට පත් වීමෙන් පසුව සහනදායී පදනමකින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සදහා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගිය අමාත්‍ය කංචන විජේසේකර, එහිදී කටාර් චැරිටි සංවිධානයට එරෙහිව පනවා තිබෙන තහනම ඉවත්කරන බවට ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් කටාර් චැරිටි සංවිධානය යළි මෙරට තුළ මෙහෙයුම් කටයුතු අරඹා ඇති අතර 2023 වසර සදහා ඇමරිකානු ඩොලර් මිලියන 11.7 ක මානුෂීය ආධාර ලංකාවට ලබා දීමටද කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

#mawratanews