29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට එකපාර දෙන්න සල්ලි නෑ - මහා භාණ්ඩාගාරය

ඡන්දෙට එකපාර දෙන්න සල්ලි නෑ – මහා භාණ්ඩාගාරය

මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් මැතිවරණ කොමිසම ඉල්ලන මුදල දිය හැක්කේ එකවර නොව කොටස් වශයෙන් බව මහභාණ්ඩාගාර නිලධාරීන් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසමේ සාමජිකයන් හා නිලධාරීන් මුණ ගැසුණු අවස්ථාවේදීයි මහභාණ්ඩාගාර නිලධාරීන් මේ බව පවසා ඇත්තේ.

එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි ආකාරය ගැන විමසීමේදී මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පවතින මූල්‍ය දුෂ්කරතා ගැන මැතිවරණ කොමිසමට පූර්ණ විග්‍රහයක් කර තිබේ.