32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportඩිල්ෂාන් මදුෂංකට දෙවන එක්දින තරගය අහිමිවෙයි

ඩිල්ෂාන් මදුෂංකට දෙවන එක්දින තරගය අහිමිවෙයි

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයට ඩිල්ෂාන් මදුෂංක සහභාගී නොවනු ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ පළමු එක්දින තරගයේදී ඇතිවූ ආබාධය තවමත් සුව අතට හැරෙමින් පැවතීම හේතුවෙන්. ඉන්දීය තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මදුශංක සහ චාමික කරුණාරත්න දෙදෙනාම ආබාධ වලට මුහුණ දී සිටිනවා.

ඉන්දියාවට එරෙහිව ඊයේ (11) පැවැති පළමු තරගය අතරතුරදී යි ඔවුන් දෙදෙනාම ආබාධවලට මුහුණ දී ඇත්තේ. ඩිල්ෂාන් මදුශංක දකුණු උරහිසේ ආබාධයකට ගොදුරව සිටින අතර ඔහුගේ සෞඛ්‍ය මට්ටම පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීම සඳහා අද දිනයේදී එක්ස්රේ පරීක්ෂණයකට සහ එම්.ආර්.අයි. පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එම වාර්තාව ලැබුණු වහාම ඩිල්ෂාන් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි කලමනාකාරීත්වය තීරණය කර ඇත්තේ. මේ අතර චාමික කරුණාරත්න තරගයට පෙර කාසියේ වාසිය උරගා බැලීමට පෙර පැවැති ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමවලදී පන්දුවක් උඩු තොළ ප්‍රදේශයේ වැදීමෙන් තුවාල ලබා සිටිනවා.

එම තුවාලය සඳහා මැහුම් තුනක් දැමීමට පියවර ගත් අතර වෛද්‍ය කාර්යය මණ්ඩලයේ නිර්දේශය පරිදි ඔහුව එම තරගයට ක්‍රීඩා කරවීමටයි පියවර ගනු ලැබුවේ. දෙරට අතර අද (12) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට චාමික කරුණාරත්න සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.