― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportධනුෂ්කට එරෙහි නඩුව කල් යයි

ධනුෂ්කට එරෙහි නඩුව කල් යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය විසින් කල් දමා ඇති බව වාර්තා වෙයි

ඒ අනුව එම නඩුව පෙබරවාරි මස 23 වැනිදා යළි කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලකගේ නඩුවට අදාළ තවත් සාක්ෂි එකතු කිරීම සඳහායි මෙලෙස නඩුව කැඳවීම කල් තබා ඇති බව වාර්තා වන්නේ.

පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී ටින්ඩර්වලින් හමුවූ කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට චෝදනා 4ක් එල්ල වී තිබේ.

ධනුෂ්ක එම කාන්තාව සමඟ සිඩ්නි නගරයේ මත්පැන්හලක මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ පිහිටි රෝස් බේ හෝටලයට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එහිදී ලිංගිකව එක්වෙමින් සිටියදී ධනුෂ් ගුණතිලක ඉතා බලහත්කාරයෙන් තමාගේ ගෙල මිරිකා ගත් බවත් තමාට ජීවිතය ගැන බියක් ඇති වූ බවත් කොන්ඩමයක් පළඳින ලෙස ඉල්ලා සිටියද ධනුෂ් එය ප්‍රතික්ෂේප කළ බවත් එම කාන්තාව චෝදනා කරයි.

කල් දැමූ නඩුව අද සිඩ්නි අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී විනිසුරු ඩේවිඩ් ප්‍රයිස් මහතා නඩුව පෙබරවාරි 23 වැනිදාට කල් තැබීය.