නඩු භාණ්ඩ වශයෙන් කල්පිටිය සංචාරක උසාවි භූමියේ ගාල් කර තිබූ ලොරි රථයක හා ත්‍රිරෝද රථයක බැටරි දෙකක් ගලවා අබිලි යකඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයකුට විකුණු බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය සඳහන් කරයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ කල්පිටිය පොලීසියට අනියුක්තව රාජකාරි කරන කල්පිටිය සංචාරක උසාවියේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
පොලිස් කොස්තාපල්වරයා විසින් ලබා දුන් බව කියන මෙම බැටරි දෙක රුපියල් 4500 කට මිලදී ගත් බව කියන අබිලි යකඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයා සහ එම බැටරි 2 ලොරි රථයක පටවාගෙන සිටි එම ලොරි රථය රියදුරා ද සැකපිට සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි .