29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිදහස් ජනතා සන්ධානය මැතිවරණයෙන් 90%ක් දිනනවා!

නිදහස් ජනතා සන්ධානය මැතිවරණයෙන් 90%ක් දිනනවා!

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සියයට 90ක් ජයගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ‘නිදහස් ජනතා සන්ධානය’ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

මේ වසරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී මෙම නව සන්ධානය විශාල ජයග්‍රහණයක් ලබන බව තමන් පැහැදිලිවම පවසන බවත් මේ රටේ කලක පටන් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සම්බන්ධ ගැටලු පවතින බවත් රට ගොඩනැගීමට සහ සංවර්ධනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.