― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිරිමි ළමුන්ට අතවර කළ කැළණියේ හිමිනමක් අත්අඩංගුවට

පිරිමි ළමුන්ට අතවර කළ කැළණියේ හිමිනමක් අත්අඩංගුවට

රන්මුතුගල ළමා නිවාසයේ පිරිමි ළමයින්ට ලිංගික අතවර කළැයි කඩවත, රන්මුතුගල, පුණ්‍යාලංකාර විහාරයේ විහාරාධිපති කැලණියේ සුධම්ම හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (11) මෙම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.

රන්මුතුගල ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර හිමියන් විහාරස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර විහාරාධිපති හිමියන්ට ලිංගික කටයුතු සඳහා ළමා නිවාසයේ කුඩා දරුවන් සපයා දී ඇත්තේ එම ළමා නිවාසයේම වැඩිහිටි ළමුන් විසින් බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ලිංගික කටයුතු සඳහා තමන් වෙත කුඩා ළමුන් සපයන වැඩිහිටි ළමුන්ට රුපියල් 1000 බැගින් සැකකාර හිමියන් දී තිබෙන බවත්, ලිංගික අතවරයට ලක් වූ ළමුන්ට රුපියල් 500 බැගින් දී තිබෙන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඊට අමතරව තම විහාරස්ථානය වෙත ලිංගික කටයුතු සඳහා කුඩා ළමුන් සපයන ලද වැඩිහිටි ළමුන්ට සැකකාර හිමියන් නවීන පන්නයේ ජංගම දුරකථන දී තිබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කරගෙන තිබේ. තමා විසින් එවැනි ලිංගික අපයෝජන ක්‍රියාවක් කළ බවට සැකකාර හිමියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හමුවේ සහ කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී පිළිගෙන තිබෙන ඇත.

සැකකාර හිමියන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා නියෝග කළේය.

#emanisa