25.6 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික ගොඩනැගිලිවල රජයේ කාර්යාල පවත්වාගෙන යන්න බැහැ

පෞද්ගලික ගොඩනැගිලිවල රජයේ කාර්යාල පවත්වාගෙන යන්න බැහැ

පෞද්ගලික ස්ථානවල පවත්වාගෙන යන රජයේ සියලු කාර්යාල, රජය සතු ස්ථානවලට ගෙන යන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න පැවසුවේ.

කුලී බදු ලෙස අධික මුදල් ගෙවමින් රජයේ කාර්යාල පෞද්ගලික ස්ථානවල පවත්වාගෙන යාමෙන් රජයට විශාල වියදමක් දැරීමට සිදුව තිබේ.

ලේකම්වරයා යැවූ ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ සියලු රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් සෑම ආයතනයකම විදුලිපංකා, වායුසමන යන්ත්‍ර භාවිතය අවම කරන ලෙසත්ය.