― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කිංග්ස්බරි හෝටලයේ ඊයේ (11) පස්වරුවේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ ‘ප්‍රතිභා අභිෂේක 2022’ උත්සවය අමතමින්.

පළාත්, ජාතික, සාක් කලාපීය සහ විශේෂ ලෙස කොටස් හතරක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර ජාතික මට්ටමේ සහ විශේෂ සම්මාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිළිගැන් වුණා.

රටක් ලෙස අප මුහුණ දී සිටින්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකට වුවද එම අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙන ඒමේ මාවත මෙම වසරේ අපට විවෘත වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මේවන විට පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පැවසු ජනාධිපතිවරයා ඒ අනුව ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත හැකි බවත් අනතුරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන ආයතවලින්ද ණය මුදල් හිමිවනු ඇති බවයි කියාසිටියේ.

එමෙන්ම ලාබ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන අතර මෙම සියලු පියවර ගෙන ඇත්තේ රට තුළ ආර්ථික ස්ථාවරයක් ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ස්ථාවර ආර්ථිකයක් තුළ නව ව්‍යාපාරික අවස්ථා උදාකර ගනිමින් ලෝකය සමග තරඟ කළ හැකි දියුණු ආර්ථිකයක් ඇති රටක් ගොඩනැගීමට සියලුදෙනා එක්ව කැපවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළා.