― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදේශ රැකියා සිහිනය බොඳවූ නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයා

විදේශ රැකියා සිහිනය බොඳවූ නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයා

මාපියන්ට සලකා තමාගේ සිහින ලෝකය ගොඩනඟා ගැනීමට සරිලන රැකියාව සොයා ගැනීමට නොහැකි බවට ලිපියක් ලියා තබා අකුරැස්ස පරදුවවේ 29 හැවිරිදි තරුණයකුගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව අකුරැස්ස පොලිසිය කියයි.

විදේශ රැකියාවක සිහිනය සැබෑ කරන්නට වෙරදැරු මෙම තරුණයාගේ සිරුරු වහළයේ එල්ලෙමින් තිබියදි නැදෑහිතවතුන් ඔහු අකුරැස්ස රෝහලට රැගෙන ගොස් තිබූ අතර රෝහලට යන විටින් මියගොස් තිබූ බබත් වෛද්‍යවරු පවසති.

මෙසේ මියගොස් ඇත්තේ කසුන් අංජන ජයසිංහ තරුණයෙකි. පසුගියදා පෙදරේරුවකුගේ අත්උදව්වට ගොස් තිබුණේ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමටය. කොරියන් විභාගයෙන් ලකුණු 5ක් අහිමි වීමේ නිසා සිත්තැවුලෙන් සිටි බවට තොරතුරු ලැබුණු බව පොලීසිය සදහන් කරති.

දරු තිදෙනාගෙන් වැඩිමහල් පුතු වන කසුන් අංජන පවුලේ බර කර මත තබා ගෙන සිය සිත් පරිදි මාපියන්ට සලකන්නට නොහැකිවීම ගැන ඉතාම දුකින් කටයුතු කර ඇතැයි මව පැවැසුවාය.

සිය බාල සොහොයුර භාණ්ඩ බෙදාහැරින ස්ථානයක තාවකාලික රැකියාවක යෙදෙන අතර බාල සහෝදරයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටිනා බවයි ඔවුහු පවසති.

සිය බාලම සොහොයුරා සමග දහවල් බනිස් ගෙඩියකින් බඩ පුරවාගෙන මල්ලි පන්ති ගිය බව ද පවුලේ ඥාතීහු කියති.

#lankadeepa