― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsසමෘද්ධි ලාභීන්ගෙන් 40%ක්ම නුසුදුස්සන්

සමෘද්ධි ලාභීන්ගෙන් 40%ක්ම නුසුදුස්සන්

සමෘද්ධි ලාභීන්ගෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජී. විජේරත්න සඳහන් කළේ එලෙස නුසුදුසු පුද්ගලයින්ට සමෘද්ධි දීමනාව ලබා දී ඉන් යම් ප්‍රතිශතයක් ලබා ගන්නා ඇතැම් දූෂිත නිලධාරින්ද සිටින බවයි.

එමෙන්ම නිලධාරින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සමෘද්ධි සුබසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදභාවයකින් යුතු නාම ලේඛනයක් සකස් කිරීමට තවමත් නොහැකි වී ඇති බැවින් නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය බවයි කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ.

ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැඳනුම්පත අනිවාර්ය කළ යුතු බවත් ඔවුන් අවධාරණය කර තිබේ.

සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ දී දූෂණවලින් තොරව විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් අනුව සිදුවන බවත් එහි වගකීම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට පැවරෙන බවත් එම හමුවේදී හෙළිව තිබේ.