31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්කැවේටර් යන්ත්‍රවලින් පුරාවස්තු සෙවූ 04ක් අත්අඩංගුවට

ස්කැවේටර් යන්ත්‍රවලින් පුරාවස්තු සෙවූ 04ක් අත්අඩංගුවට

ඊයේ (11) දහවල් මහියංගණය පොලිස් වසමේ තිස්සපුර ප්‍රදේශයේ ස්කැවේටර් යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරන බවට මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබෙන අතර පොලිස් නිලධාරින් සිදු කළ වැටලීමේදී ස්කැවේටර් යන්ත්‍රයක්, කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ සැකකරුවන් 05 පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 26, 42 හා 43 වයස්වල පසුවන මහියංගණය, ඌවිස්සපුර හා දර්ගානගය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද දින (12) දින මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.