28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsEXIM බැංකුවේ සභාපති හා ජනපති අතර සාකච්ඡාවක්

EXIM බැංකුවේ සභාපති හා ජනපති අතර සාකච්ඡාවක්

චීනයේ අපනයන ආනයන බැංකුවේ සභාපති ‘වී ෆිලින්’ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (11) සාකච්ඡාවක් පවත්වා තිබේ.

අදාළ සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වා ඇති අතර එහිදී ද්වීපාර්ශවික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ.

මෙරට ණය ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටත් සංවර්ධන කටයුතු සඳහා උපකාර කිරීමටත් මෙහිදී චීන අපනයන ආනයන බැංකුවේ සභාපතිවරයා එකඟ වී තිබේ.