28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsSTF නිලධාරීන් 664 දෙනෙකුට උසස්වීම්

STF නිලධාරීන් 664 දෙනෙකුට උසස්වීම්

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 664 දෙනෙක්ට උසස්වීම ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මොවුන් 664 දෙනා ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇත. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එකවර උසස්වීම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03ක්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41ක්, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111ක්, පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 08ක්, පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුරට 06, පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට 495ක් වශයෙන් මෙම උසස්වීම ලබා දී තිබේ.