31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණයට තරඟ කරන පක්ෂවලට දැනුම්දීමක්

මැතිවරණයට තරඟ කරන පක්ෂවලට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව බලයලත් නියෝජිතයන් පත් කිරීම ලබන 15 වනදා පෙරවරු 8.30ට පෙර සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනතේ 89 වගන්තිය අනුව බලයලත් නියෝජිතයන් පත් කිරීම නාම යෝජනා ලබාදීමේ කාලසීමාව ආරම්භ වීමට පැය 72කට පෙර සිදු කළ යුතු බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.

එබැවින් බලයලත් නියෝජිතයන් පත් කිරීමේ ලිපි නියමිත කාල සීමාවේදී අදාළ තේරීම් භාර නිලධාරියා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට දැනුම්දෙන අතර මේ සඳහා සුදුසු කඩිනම් තැපැල් බෙදාහැරීමේ ක්‍රමයක් භාවිත කරන ලෙසට ද මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

එමෙන්ම තේරීම් භාර නිලධාරීවරයා වෙත යවනු ලබන ලිපිවල පිටපත් පමණක් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය වෙත ලබාදිය හැකි බවයි එම කොමිසම කියාසිටියේ.