Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරක් – 45ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ මාරක බස් රථ අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොට්ස්වානාහි, ගැබොරෝන් අගනුවර සිට දකුණු අප්‍රිකාවේ මොරියා නගරය දක්වා ගමන් කළ බස් රථයක්...
Homeworldලීසා මාරි ප්‍රෙස්ලි ජීවිතක්ෂයට

ලීසා මාරි ප්‍රෙස්ලි ජීවිතක්ෂයට

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි ප්‍රෙස්ලි මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

එල්විස් ප්‍රෙස්ලිගේ එකම දියණිය වන ලීසා හෘදයාබාධයක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට ඇතුලත් කිරීමෙන් මිය ගිය බවයි වාර්තා වන්නේ.මිය යන විට ඇයගේ වයස අවුරුදු 54ක්. ගායිකාවක් ද වන ලීසා මාරි මීට පෙර ද අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත කර තිබූ බව සඳහන්.

1968 දී උපත ලද ලීසා මාරි තම පියාගේ අඩිපාරේ යමින් වෘත්තීය ලෙස සංගීත කටයුතුවල නිරත වුණා. ඇය ගීත ඇල්බම් තුනක් නිකුත් කරන ලද අතර 2003 වසරේදී ගීත තැටියක පිටපත් සිය දහස් ගණනක් අලෙවි වූයේ ආදායම් ඉහළ නංවමින්.

ලීසා මාරිට රංගන ශිල්පිනියක් ද වන Roxy Keough ඇතුළු දරුවන් තිදෙනෙක් සිටි අතර ප්‍රෙස්ලිගේ පුත් බෙන්ජමින් කීව් 2020 වසරේ දී සියදිවි නසා ගත් බව විදෙස් වාර්තාවල සඳහන්. ගායන ශිල්පිනිය අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ බෙවර්ලි හිල්ස් හි පැවති ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදීයි.

ඔස්ටින් බට්ලර් තම පියාගේ චරිතය වෙනුවෙන් කළ රංගනයට හොඳම නළුවාට හිමි ත්‍යාගය දිනා ගන්නා අයුරු බලා සිටි ඇය සිය මව සමඟ එක්ව කඳුළු සලමින් සිටිනු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.