25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආහාර ද්‍රව්‍ය සොරකම් කළ පාර්ලිමේන්තු සේවකයා අත්අඩංගුවට

ආහාර ද්‍රව්‍ය සොරකම් කළ පාර්ලිමේන්තු සේවකයා අත්අඩංගුවට

පිසින ලද මාළු කෑලි විස්සක් අඩංගු ආහාර පැකට්ටුවක් පාර්ලිමේන්තුවෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ ආහාරපාන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සේවකයාට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

සැකකරු පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම ආහාර පාර්සලය හමුවී ඇත.

මෙම පාර්සලයේ තිබී කිරි බෝතලයක් සහ ඉඟුරු ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය පාර්ලිමේන්තුවෙන් පිටතට රැගෙන යාම වැළැක්වීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මේ වනවිටත් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව ප්‍රවාහනය කෙරෙන බවයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වාර්තා කරන්නේ. ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය පසුගිය කාලයේ වැඩිවෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.