26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇප තැන්පත් කරලා සල්ලි විසි කළාට පොහොට්ටුවට ඇපත් නෑ

ඇප තැන්පත් කරලා සල්ලි විසි කළාට පොහොට්ටුවට ඇපත් නෑ

පොහොට්ටුව ඇප තැන්පත් කොට මැතිවරණයට මුදල් විසි කළද අද ඔවුන්ට ඡන්දය ඉල්ලීමට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි වී ඇති බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ එම අපේක්ෂකයන් නව සන්ධානය යටතේ තරග වැදීමට නාමයෝජනා ඉල්ලා ඇති බවයි.