27.8 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාව පසු කරමින් ලංකාව ලෝක වාර්තාවක් පිහිටුවයි

ඉන්දියාව පසු කරමින් ලංකාව ලෝක වාර්තාවක් පිහිටුවයි

එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයක් ලැබූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක පරාජයක් ලැබූ අතර මෙම තරග පරාජයත් සමගින් ශ්‍රී ලංකාව එක්දින පිටියේ ලැබූ පරාජ සංඛ්‍යාව 437ක් බවට පත්විය.

ඒ අනුව තරග 436ක් පරාජය ලැබූ ඉන්දීය කණ්ඩායම අබිබවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහටුවීමට සමත්විය. ශ්‍රී ලංකාව තරග 880කට ක්‍රීඩා කර ඇති අතර ජයගැනීමේ ප්‍රතිශතය සියයට 47 ක් ලෙස දැක්වෙයි.

කලක් ලංකාව ලෝකයේ එක්දින තරග පාලනය කළ කණ්ඩායමක් ලෙස ප්‍රචලිතව සිටියත් ප්‍රභල ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව එක්දින පිටියේ දරුණු පරාජයන් ලැබීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරග 1022 කදී පරාජයන් 436 ක් ලබා එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයේ පසුවෙයි.