― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඋසස් පෙළ විභාගයේ නීති කැඩුවොත් මේ තැන්වලට දැනුම් දෙන්න

උසස් පෙළ විභාගයේ නීති කැඩුවොත් මේ තැන්වලට දැනුම් දෙන්න

අපොස උසස් පෙළ විභාගයට අදාලව කිසියම් පුද්ගලයෙක් නීති විරෝධී ක්‍රියාවක නිරත වන්නේ නම් ආසන්නතම පොලිසියට, පොලිස් මුලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දියයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස් මුලස්ථානයේ 0112421111 දුකරථනයට, 119 පොලිස් ක්‍ෂණික ඇමතුම් අංකයට, 1911 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකයට, විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලයේ 0112785211 හෝ 0112785212 සහ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208 හෝ 0112784537 යන දුරකථනවලට පැමිණිළි කළ හැකි බව දැනුම් දෙනවා.

මෙ අතර ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් බවත් කොමසාරිස් ජනරාල්වරයා කීය.