23.4 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොච්චර ලොක්කෙක් වුණත් නීතියෙන් බේරෙන්න බැහැ

කොච්චර ලොක්කෙක් වුණත් නීතියෙන් බේරෙන්න බැහැ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට ලබාදුන් තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (13) බොරැල්ල අගරදගුරු මැදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ විධායක බලතල ඇති ජනාධිපතිවරයකු ලෙස හෝ කොතරම් ඉහළ නිලයක සිටියත් වරදක් කළහොත් නීතියෙන් බේරී සිටීමට ඉඩක් නොමැති බවට මෙම තීන්දුව මගින් පණිවුඩයක් ලබාදී ඇති බවයි.

එය වත්මන් මෙන්ම අනාගත පාලකයන් හා නිලධාරීන් මතක තබාගත යුතු බවත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය හා කුමන්ත්‍රණය හෙළිවන තුරු තම ව්‍යායාමය අත් නොහරින බවද උන්වහන්සේ පැවසූහ.