― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනෙළුම් කුලුණ බලන්න ගියපු අය කරපු වැඩ මෙන්න

නෙළුම් කුලුණ බලන්න ගියපු අය කරපු වැඩ මෙන්න

කොළඹ නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ එහි විවිධ කොටස්වලට හානි කරන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම අනතුරු අඟවනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සමාගමේ නියෝජිතයෙකු සඳහන් කළේ කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට හානි කළ පුද්ගලයින් තිදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් බවයි.

එම හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළමනාකරණ සමාගමට විශාල මුදලක් වැය වන බැවින් එවැනි ක්‍රියාවලින් වළකින ලෙස ඔවුන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඇතැමුන් එහි දේපළවලට විශාල වශයෙන් හානි සිදුකරන බවයි එහි නිලධාරීන් පේනවා දෙන්නේ.

මේ හේතුවෙන් නෙළුම් කුලුන නඩත්තු කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවී ඇති අතර ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බව නිලධාරීන් සඳහන් කරනවා.

ඇතැම් ස්ථාන සූරා දමා ඇති අතර විවිධ නම් ලියා ඇති ආකාරයක් ද දක්නට ලැබෙනවා. ඒවා යළිත් පිළිසකර කිරීමට විශාල මුදලක් වය වන බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

හානි කරපු කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව සඳහන්. ඊයේ (13) දිනයේදී ද එලෙස කටයුතු කරමින් සිටි තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබෙනවා.

“වොෂ්රූම්වල තියෙන සින්ක්වලට කකුල් දාලා හෝදනවා. කොමඩ්වලට පැම්පස් දානවා. ලොකු අයගේ ඒවත් දානවා. වතුර පුරවන කොටසේ පියන ඇරලා ඒකටක් දානවා. කාන්තා වැසිකිළියේ කොමඩ්වල ඉඳගන්න අකමැති නිසා ඇතැම් අය ඒ කටයුතු වෙන වෙන තැන්වල කරනවා. වැසිකිලි කිහිපයකට හානි කරලා තියෙනවා. අපි ඒවත් රිපෙයා කරගෙන යනවා. ඒත් මම කියන්නේ ආවාම මේක තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් විදියට තියලා යන්න. බලන්න එන්න ඇවිල්ලා විනෝද වෙන්න හැබැයි අපේ තැන පරෙස්සම් කරන්න. දැන් තියෙන වියදම් එක්ක පොඩි ඩැමේජ් එකක් වුණත් ලොකු වියදමක් යනවා.” යනුවෙන් නෙළුම් කුළුණ භාර නිලධාරීන් ප්‍රකාශ කළා.

කුළුන නැරඹීමට පැමිණෙන ජනතාවගේ මෙම හැසිරීම් තත්ත්වය මත එය විවෘත කළ වේලාවේ සිට වසා තබන වේලාව දක්වා නිරන්තරයෙන් පූර්ණ අධීක්ෂණයක් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව කිසියම් අයෙක් මෙම දේපළවලට හානි වන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් දැඩි නීතිමය පියවර ගන්නා බව නිලධාරීන් ප්‍රකාශ කළා.