― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපාසල් දරුවන්ට මදන මෝදක ගුලි අලෙවි කළ සීයා අත්අඩංගුවට

පාසල් දරුවන්ට මදන මෝදක ගුලි අලෙවි කළ සීයා අත්අඩංගුවට

දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකුට ගංජා මිශ්‍ර මදනමෝදක ගුලියක් අලෙවි කළ මරදගහමුල නගරයේ පිහිටි සිංහල බෙහෙත් බඩු අලෙවිසැල් හිමියෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මියයි නියෝගය ලබාදී ඇත්තේ.

68 හැවිරිදි වියේ පසුවන සැකකරු පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචි මුනුබුරන් සිටින සීයා කෙනෙක් බවට අධිකරණයේ දී සඳහන් කෙරුණා. ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පිරිමි සිසුන් මත් ගතියෙන් පාසල් කාලයේදී කල් ගෙවන බවට එම පාසලේ ගුරුවරුන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ බව ගුරුවරුන් විසින් දෙමාපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පොලිසිය දැනුවත් කළ බවයි අධිකරණයේදී හෙළිවී ඇත්තේ. පසුව දිවුලපිටිය පොලිසිය උපාය දූතයන් යොදවා පාසැලෙන් පිටව යන සිසුන් සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයෙන් අනතුරුව සැකකරු විසින් පවත්වාගෙන යන සිංහල බෙහෙත් බඩු අලෙවි සැලට පාසල් සිසුන් පැමිණෙන බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුව එම වෙළඳසැලට පැමිණ ආපසු යන පාසල් සිසුවෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී එම සිසුවා සතුව ගංජා මිශ්‍ර මදන මෝදක ගුලියක් තිබියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා. මෙම සිසුවා සැකකරුගෙන් රුපියල් දෙසීයකට එම ගංජා මිශ්‍ර මදනමෝදක ගුලිය ලබාගත් බවට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

සැකකාර වෙළඳසැල් හිමියා සතුව තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි 40ක් දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ සැකකරුට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා නීතිඥයින් අධිකරණය හමුවේ නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කළ ද පාසල් සිසුවෙකුට මත් ද්‍රව්‍ය අඩංගු කිසිවක් අලෙවි කිරීම තහනම් ක්‍රියාවක් බවට අධිකරණයේදී සඳහන් වූ බවයි.