23.9 C
Colombo
Thursday, November 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශය ණය ගෙවන්න මාස 06ක් කල් දෙයි

බංග්ලාදේශය ණය ගෙවන්න මාස 06ක් කල් දෙයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර තිබේ.

විනිමය හුවමාරු ගිවිසුම යටතේ බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට මෙම ණය ලබා දී ඇත. බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් මෙලෙස කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සඳහා ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.