27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබෙහෙත් හිඟයෙන් සායනික රෝගීන් මරණයට පත්වීම ඉහළට

බෙහෙත් හිඟයෙන් සායනික රෝගීන් මරණයට පත්වීම ඉහළට

සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බවත් ඒ අතර පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍ය අජන්ත රාජකරුණා අද (13) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.

සරලම ඖෂධ වෙන පැරසිටමෝල් සිරප් එක, සැල්බුටමෝල් පෙත්තේ සිට ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ දක්වා විශාල හිඟයක් පවතිනවා. පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් තියෙන්නේ 3ක් විතරයි. උපකරණවල විශාල හිඟයක් පවතිනවා. අක්ෂි ශෛල්‍යකර්ම කරන්න කාච හිඟයක් පවතිනවා. පසුගිය දවස්වල රුධිර පාරවිලයන ඖෂධවල විශාල හිඟයක් තිබුණා. රෝගීන් දිනෙන් දින මියගියා. සරල ඖෂධ නැති නිසා සායනික රෝගීන් මරණයට පත්වෙනවා වැඩියි. බෝ නොවන රෝග ඇති සියලු රෝගීන් අනතුරක සිටිනවා