මෙරට අරක්කු, පොල් රා, තල් රා වැනි මත්පැන් වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කිතුල් රා, පොල් රා සඳහා ලෝකයේ බොහෝ රටවල හොඳ ඉල්ලුමක් තියෙන බවයි.
ඒ අනුව මත්පැන් අපනයනයෙන් 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් සහ 2022 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.