30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherයුක්රේනයේ ප්‍රධාන නගරයක බලය රුසියාව අතට

යුක්රේනයේ ප්‍රධාන නගරයක බලය රුසියාව අතට

නැගෙනහිර යුක්රේනයේ ලුණු කැණීම් නගරයක් වන සොලෙඩාර් හි පාලනය තමන් සතුකර ගත් බව රුසියාව පවසනවා.

දැඩි සටන් මැද බෝම්බ හෙලීමේ කේන්ද්‍රස්ථානය ද වූ මෙම නගරය අල්ලා ගත් බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

නිරිත දෙසින් පිහිටි විශාල නගරයක් වන බක්මුට් වෙත යුක්රේනයෙන් සිදු කෙරෙන සැපයුම් මාර්ග කපා හැර ඉතිරි යුක්රේන හමුදා එහි කොටු කර ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවට රුසියාව විශ්වාසය පළ කරනවා.

කෙසේවෙතත් යුක්රේනය ප්‍රකාශ කළේ සටන් වලින් පසුවත් තම හමුදා සොලෙඩාර් හි තවමත් රැඳී සිටින බවයි.