― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරඹුක්කන නිවස පිටුපසින් හමු වූ මළ සිරුරු ගැන විශේෂ පරීක්ෂණයක්

රඹුක්කන නිවස පිටුපසින් හමු වූ මළ සිරුරු ගැන විශේෂ පරීක්ෂණයක්

රඹුක්කන හූරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා ඇති බවට සැක කෙරෙන තරුණයන් දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මළ සිරුරු සොයා ගැණුනද ඒවා අතුරුදන් වූ තරුණයන්ගේ ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මුදල් නොගෙවීම හේතුවෙන් මාවනැල්ල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු රඹුක්කන, හුරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඝාතනය කර මෙලෙස වළ දමා ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

වයස අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනා මාවනැල්ල කිරිංගදෙණිය සහ කෙරමිනියවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 2022 නොවැම්බර් 18 සහ 25 යන දිනවල සිට අතුරුදන්ව ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

අතුරුදන් වූවන්ගේ දෙමාපියන් විසින් 2022 නොවැම්බර් 28 වනදා සහ ජනවාරි 7 වන දින පොලිසියට පැමිණිලි කර ඇති අතර එහිදී ඔවුන් තම දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට පොලිසියට දන්වා ඇතැයි සඳහන්.

තම දරුවන් රඹුක්කන, හුරිමළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා බවට තමන් දැන සිටි බවද එම මවුපියන් පොලිසියට අනාවරණය කර තිබුණා. පැමිණිලි දෙක සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසියට සැක මතුවී ඇත්තේ මෙම තරුණයන් දෙදෙනාගේම අතුරුදන් වීම් එකම සිදුවීමක් විය හැකි බවටයි.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මාවනැල්ල පොලිසිය සමග කළ පරීක්ෂනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනාට කිසියම් අනතුරක් සිදුවී ඇති බවටයි.

ඔවුන් දෙදෙනා රඹුක්කන නගරය ආසන්න ප්‍රදේශයකදී ඝාතනයට ලක්ව ඇතැයි තොරතුරක් ලැබී තිබූ අතර නිවසක් පිටුපස වළ දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මාවනැල්ල පොලීසිය සහ කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පරීක්ෂණ පවත්වා නිවස සොයාගෙන ඇති අතර අනතුරුව ඔවුන් පසුගිය බදාදා (11) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කෑගල්ල මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (12) එම නිවසට පැමිණීමෙන් අනතුරුවයි මූලික විමර්ශන ආරම්භ කෙරුණේ. තරුණයන් දෙදෙනා ඝාතනය කර රඹුක්කන ප්‍රදේශයේ අදාළ නිවස පිටුපස තිබූ කුකුළු කූඩුව යට වළදමා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මළ සිරුරු කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මීට අදාළ සැකකරුවන් මේවන විට හඳුනාගෙන ඇති අතර මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු නැහැ.