25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාව විනාශ නොකර ණය ප්‍රතිව්‍යුගත කිරීමේ සහතික කරන්න

ලංකාව විනාශ නොකර ණය ප්‍රතිව්‍යුගත කිරීමේ සහතික කරන්න

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශවික ණය ලබා දෙන්නා වන චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් එකඟත්වය පළකරමින් ශ්‍රී ලංකාවට වහාම සහතිකයක් ලබා දිය යුතු යැයි මෙරට එක්සත් ජනපද තානාපතිනී ජූලි චුන්ග් පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමේදී චීනයේ සහතිකය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බැවින් ද, ලංකාවට ප්‍රමාද වීමට කාලයක් නොමැති නිසා චීනය ප්‍රමාද නොවී මේ කාර්යය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද යැයි ද ඇය බිබීසී නිව්ස්නයිට් වෙත පවසා තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයට වැඩි වගකීමක් පැවරී ඇතැයි සඳහන් කළ ඇය වැඩිදුරටත් පැවසුවේ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹ ලංකාව අර්බුදයෙන් බේරාගැනීමට උත්සාහ දරන අවස්ථාවේ චීනය එය විනාශ නොකරනු ඇතැයි ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන්, අප බලාපොරාත්තු වෙනවා..” යනුවෙනි.

නමුත් ඉන්දියාව සහ චීනය අවසානයේ දී ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ණය කපා දැමීමට එකඟ වුවහොත් රටේ විදේශ ණය තොගයෙන් 40% ක් පමණ වන පුද්ගලික ණය හිමියන්ගන් ගැටලු මතු විය හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ “අපි පුද්ගලික ණය හිමියන් සමඟ සද්භාවයෙන් සාකච්ඡා කරනවා. අපිට පෙනෙන විදියට නම් ඔවුන් ඉතා ධනාත්මකවන අතර ඔවුන් අප සමඟ සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිනවා…” යැයි පැවසූ බව බීබීසී පුවත් සේවය වාර්තා තිබේ.