29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews17 වැනිදායින් පසු උසස් පෙළ උපකාරක පන්ති තහනම්

17 වැනිදායින් පසු උසස් පෙළ උපකාරක පන්ති තහනම්

2022 වසරට අදාළ උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ලබන පෙබරවාරි මස 17 වනදා දක්වා මධ්‍යස්ථාන 2200කදී විභාගය පැවැත්වෙන බවයි. මේ අනුව ලබන 17 වනදා සඳුදා මධ්‍යම රාත්‍රී 12 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම තහනම් වනවා.

ඊට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වනු ඇති.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තාගේ හෝ ආයතනය හෝ එම පාර්ශවය විභාග පනත යටතේ වරදකරුවෙක් බවට පත් වනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානය පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.