― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිෂ දුමක් ආඝ්‍රහණය වූ රෝහල් සේවකයන් පිරිසකට ප්‍රතිකාර

විෂ දුමක් ආඝ්‍රහණය වූ රෝහල් සේවකයන් පිරිසකට ප්‍රතිකාර

විෂ දුමක් ආඝ්‍රහණය වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

අද (14) පෙරවරුවේ සේවකයින් කිහිපදෙනෙකු රෝහලේ කසළ බැහැර කිරීමේ කටයුතුවල නිරතව සිටියදී මෙම සිදුවීමට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

සේවකයින්ගෙන් තුන්දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබෙනවා.