― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅන්තර්ජාලයේ භාණ්ඩ අලෙවි කරන දැන්වීම් හොයාගෙන සිදු කළ හොර වැඩේ

අන්තර්ජාලයේ භාණ්ඩ අලෙවි කරන දැන්වීම් හොයාගෙන සිදු කළ හොර වැඩේ

දල් වංචාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර අලෙවි කිරීමට සූදානම් කර ඇති භාණ්ඩ හා දේපළ අත්පිට මුදලට මිලදී ගන්නා බව පවසා එම දේපළ කොළඹට ගෙන්වාගෙන මුදල් ලබා නොදී අගරු චෙක්පත් ලබාදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙනුයි සැකකරුවන්ට චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම පුද්ගලයන් එලෙස රුපියල් 1,640,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශනය කර භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථ දෙකක් සමග මරදාන පොලිස් වසමේ කුමාර දොරටුව අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 48 සහ 50 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා කොළඹ 12 සහ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය 10 වනදා සැකකරුවන් මෙලෙස අගරු චෙක්පත් ලබාදී රුපියල් 1,640,000ක් වටිනා පොහොර කවර ලබාගෙන ලොරි රථ දෙකක පටවාගෙන දඹුල්ල ප්‍රදේශයට ගොස් අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 20ක ශරීර ඇප 4ක් මත මුදාහැර ඇති බවයි.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.