26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු සලිඳුගේ කුඩු බෙදූ කාන්තාවක් මොරටුවැල්ලේ දී අත්අඩංගුවට

කුඩු සලිඳුගේ කුඩු බෙදූ කාන්තාවක් මොරටුවැල්ලේ දී අත්අඩංගුවට

විදේශගතව සිටින මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුර ‘කුඩු සලිඳු’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවනු ලබන කාන්තාවක් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව, මොරටුවැල්ල, කිලෝවියස් මාවත ප්‍රදේශයේ දී ඊයේ (13) සිදුකළ මෙහෙයුමක දී අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

38 හැවිරිදි වියේ පසුවන සැකකාරිය පානදුර හා මොරටුව ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවා ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 600ක් සහ මත් ජාවාරමෙන් උපයා ගන්නා බවට සැක සහිත රුපියල් 103,000.00ක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

සැකකාරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතුකර ඇත්තේ.