― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොවිඩ් නීති ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් දැනුම්දීමක්

කොවිඩ් නීති ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් දැනුම්දීමක්

සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ලද COVID-19 නව මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම ජනවාරි 20 දක්වා කල් දැමූ බවට දන්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

COVID-19 මාර්ගෝපදේශ සහ ඊට අදාළ අනෙකුත් නීති රීති නිකුත් කිරීමේ බලතල ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ දිනයේ දිවයිනට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා නිකුත් කරන ලද අදාළ නියෝග අවලංගු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර PCR පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බව ද ඔහු අවධාරණය කරනවා.

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් වලංගු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.