― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsගමටම එපා වූ පුද්ගලයෙක්ගේ මරණය වෙනුවෙන් ගම්වාසීන් කිරි උතුරවයි

ගමටම එපා වූ පුද්ගලයෙක්ගේ මරණය වෙනුවෙන් ගම්වාසීන් කිරි උතුරවයි

වාරියපොල රඹුකන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් පසු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු මිය යාමට සතුට පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් කිරි ඉතිරවූ සිදුවීමක් වාර්තා වනවා.

ඊයේ (13) සවස දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී වයස අවුරුදු 28ක තරුණයකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි වාරියපොල පොලිසිය සඳහන් කළේ.මෙලෙස මියගොස් ඇත්තේ රඹුකන ප්‍රදේශයේ ඇටිකුබ්බා නමින් ප්‍රචලිතව සිටි පුද්ගලයෙකි.

මීට අමතරව ගැටුමේදී මියගිය පුද්ගලයාගේ පවුලේම තිදෙනකු තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම පවුලේ සාමාජිකයන්ගෙන් ගම්වැසියන්ට නිරන්තරයෙන් හිරිහැර සිදුවී ඇති අතර මේ හේතුවෙන් දෙපිරිස අතර කාලයක සිට ආරවුල් පැවති බවයි වාර්තා වන්නේ.

මියගොස් සිටින පුද්ගලයා සහ තුවාල ලබා සිටින එම පවුලේ පිරිස මත් ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳ පැමිණි පිරිසක් බවද පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පවුලේ සාමාජිකයන්ගෙන් ගම්වැසියන්ට කාලයක සිට විවිධ හිරිහැර මෙන්ම මැර ප්‍රහාර ද එල්ලවී තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේත් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පවුලේ ඇටිකුබ්බා නම් පුද්ගලයා ප්‍රදේශයේ තරුණයෙකු බලහත්කාරයෙන් නිවස තුල සිරකරගෙන පහරදී තිබුණා.

එම තරුණයා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් අදාළ නිවසට ගොස් ඇති අතර එහිදී ඇතිවූ ගැටුමකිනුයි ඇටිකුබ්බා නම් සැකකරු මියගොස් ඇති බව් සඳහන්.

පැහැරගත් තරුණයා උපකාරක පන්තියකට සහභාගී වී යළිත් නිවසට පැමිණෙමින් සිටියදී පහරදීමකට ද ලක්ව ඇති අතර ඔහුට සැකකරු විසින් තර්ජනය කර ඇත්තේ පොලිසියට පැමිණිලි කළ හොත් මරා දමන බවටයි.

ඇතිවූ ගැටුමේදී මියගිය සැකකරුගේ දේහය දේහය ද යළිත් ගමට නොගෙනන ලෙසටයි ජනතාව විරෝධතාවයේ නිරතවෙමින් ඉල්ලා සිටියා.

පසුව ගම්වාසීන් පිරිස කිරි උතුරුවමින් සතුට පළ කළා. ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් ද ප්‍රකාශ කළේ මියගිය සැකකරුගෙන් තමාට ද මරණ තර්ජන පැවති බවයි.