― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඩේව්ඩ් වෝනර් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා කාලය කල්තියාම දන්වයි

ඩේව්ඩ් වෝනර් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා කාලය කල්තියාම දන්වයි

ඉදිරි මාස 12 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ අවසාන මාස කිහිපය විය හැකි බව ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.

ඒ අනුව වෝනර් පවසන්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට අපේක්ෂා කරන බවයි.

2023 බිග් බෑෂ් විස්සයි විස්ස තරගාවලියට වසර දහයකට පසු එක්වෙමින් ඩේවිඩ් වෝනර් මේ බව සඳහන් කළා.

2024 වසරේ එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය තම මව්රට වෙනුවෙන් හිමිකරදීම එකම අරමුණ බවයි වෝනර් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.