29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල්වලට සුබ පණිවිඩයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල්වලට සුබ පණිවිඩයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් මෙලෙස ආරම්භ කර ඇති බව එම කාර්යංශය සඳහන් කළේය.

ජපානය, කොරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල හැර වෙනත් රටවල සිටින විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක පාසල් උපකරණ මෙහිදී ලබාදීමට නියමිතය.

මීට අමතරව විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 ක කාලයක් නොඉක්මවූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට ද පාසල් උපකරණ ලබාගැනීමේ වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 නොඉක්මවූ විගමණික ශ්‍රමිකයින් සඳහා රුපියල් 50,000 ක වටිනාකමින් යුක් ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ආරම්භ කර තිබේ.

මෙම සහන වැඩසටහන් සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීවරයාගේ අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේය.