32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුරූපී විදෙස් කතුන් මුදලට විකිණූ කොල්ලුපිටියේ ගණිකා නිවසක් වටලයි

සුරූපී විදෙස් කතුන් මුදලට විකිණූ කොල්ලුපිටියේ ගණිකා නිවසක් වටලයි

සුරූපී විදේශ ජාතික කාන්තාවන් යොදවා සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා විදෙස් තරුණියන් පස්දෙනකු සහ කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය – මුහුදු මාවතේ හෝටලයක මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු තරුණියන් තායි ජාතිකයින් වන අතර, එම ස්ථානයේ තිබී උපත් පාලන කොපු විශාල ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා විශේෂිත උපකරණයක් ද සොයාගෙන තිබෙනවා.

එහි සිටි තරුණියක් මිලදී ගන්නා බව පවසමින් පොලිස් උපාය දූතන් යොදවා මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක වීසා මත සහ රැකියා වීසා මත මෙරටට පැමිණ තිබූ මෙම තායි තරුණියන් පස්දෙනාගෙන් දෙදෙනෙකුට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 20 සහ 30 අතර වයස්වල පසුවන්නියන් වන අතර හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මකයි.

සැකකාරියන් සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලීසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.