― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකෝටි 10ක වන්දිය ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ

කෝටි 10ක වන්දිය ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල  ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න  පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි  මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවති ශිෂත්ව ප්‍රධානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස  සහභාගී වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මේ නඩු තීන්දුව ගැන කතා කරනවිට පළමුවැනි දේ තමයි නීතියට ගරු කරන්න ඕනේ. අධිකරණයේ තීන්දු සඳහා හිස නමන කෙනෙක් මම. මේ සිද්ධිය වෙනකොට මම හිටියේ පිටරට සිංගප්පූරුවේ රෝහලේ.අනත්ත අප්‍රමාණ මම කිව්වා, මේ සිදුවීම පිළිබඳව ආරක්ෂ අංශවල නිලධාරීන්ට තොරතුරු ලැබුණාට ඒ කිසිදු නිලධාරීයෙක් මට මේ ගැන කිව්වේ නැහැ. මේ නඩු තීන්දුවේ පිටු 85 ඇතුළේ තිබෙනවා.මේ තොරුතුර නිලධාරීන්ට ලැබුණාට ජනාධිපිතිවරයා කිසිම ආකාරයකින් දැනුවත් වෙලා නැහැ කියලා. ඊළඟට ඔබට සිතයි මේ කෝටි 10 ගෙවන්න තීන්දු කළේ කියලා. මානව හිමිකම් කඩවීමක් පිළිබඳව.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළහොත් ඒකට ජනාධිපතිවරයාද වගකිව යුත්තේය කියලා මේ නඩු තීන්දුවේ ලියලා තියෙනවා.පොලිස්පති පත්කරන්නේ ජනාධිපති, ආරක්ෂක ලේකම් පත්කරන්නේ ජනාධිපති.ඔත්තු සේවා අධ්‍යක්ෂ පත්කරන්නේ ජනාධිපති නෙමෙයි පොලිස්පතිතුමා. ඒ අයගෙන් ඉටුනොවුණ එකට මමත් වගකිව යුත්තෙක් කියලා තමයි මටත් කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ දීලා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.