පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ සිදුකෙරුණා.
දිවයිනෙහි පොදුජන පෙරමුණ තරඟ කරන සියලුම පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් බවත් මෙම ආයතන සියල්ලෙහිම ජයග්‍රහණය නියත බවත් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා සදහන් කර සිටියා.
මැතිවරණය නොපැවැත්වෙන බවට ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන තත්ත්වයත් , විදුලිබිල සහ බදු වැඩි කිරීම මෙන්ම දරාගත නොහැකි ජීවන බර හමුවේ පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ හැකිවේද යන්න මෙහිදී මාධ්‍යවේදීන් විමසු අතර ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ ඡන්දයෙන් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති පක්ෂ විසින් මැතිවරණය නොපැවැත්වෙන බව ප්‍රචාරයක් ගෙන යන බවත් විදුලි බිල බදු වැඩිවූවද මෙය තේරුම් ගත හැකි රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව විශ්වාස බවත්ය.