― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි මනු කියවන්නාට රෝහලේ නතර වෙන්නම ගුටි පූජාවක්

විදුලි මනු කියවන්නාට රෝහලේ නතර වෙන්නම ගුටි පූජාවක්

විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු මහකුඹුක්කඩවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ආඩිගම – ගල්කුලිය ප්‍රදේශයේදී ඊයේ (14) මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තා වන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව – ඇන්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නෙකු වන අතර, ඔහු ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මනු කියවීම සදහා ගල්කුලිය ප්‍රදේශයේ ගෙයින් ගෙට යමින් සිටින විට කිසියම් අයෙකු අතින් පයින් සහ පොල්ලකින් තමන්ට පහර දුන් බවයි රෝහල් ගත කර සිටින විදුලි බල මණ්ඩල සේවකයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

පහර දුන් පුද්ගලයා මත්පැන් පානය කර සිටි බවත්, පහරදීමට හේතුව තමන් නොදන්නා බවද රෝහල් ගත කර සිටින මනු කියවන්නා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සැකකරු ඊයේ (14) රාත්‍රීයේම මහකුඹුක්කඩවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.