27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoවිශ්වරූ රැජින කිරුළ ඇමරිකාවට

විශ්වරූ රැජින කිරුළ ඇමරිකාවට

71 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳීමට අමෙරිකාවේ බොනී ගේබ්‍රියෙල් (R’Bonney Gabriel) සමත් වූණා.

පසුගිය වසරේ මිස් ඇමරිකා කිරුළ දිනාගත් පළමු පිලිපීන-ඇමරිකානු ජාතිකයා බවට පත් වූ Gabriel, වෙනිසියුලාවේ Amanda Dudamel සහ ඩොමිනිකන් ජනරජයේ Andreína Martínez අභිබවා කිරුළ ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව පුරා සිටින කාන්තාවන් 84 දෙනෙකු කිරුළ සඳහා තරඟ වදින මෙම තරඟය පැවැත්වුණේ ලුසියානා හි නිව් ඔර්ලියන්ස් හි දියි පැවැත්වුණා.

දෙවන ස්ථානයට වෙනිසියුලාවේ Amanda Dudamel පත්වූ අතර තුන්වන ස්ථානය ඩොමිනිකන් ජනරජයේ Andreina Martinez ට හිමිවුණා.

කිරුළ දිනාගත් ගේබ්‍රියෙල් විලාසිතා නිර්මාණකාරිණියක්, නිරූපිකාවක් මෙන්ම මැහුම් උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා.

ඇය උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණකරණය පිළිබඳ උපාධියක් ද ලබා සිටින බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ,

රූ රැජින තරඟය ජයග්‍රහණය කළ පළමු පිලිපීන සම්භවයක් සහිත ඇමරිකානු තරුණියයි.