― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී පතුලට ඉහළින් රන් මුතු මැණික් සහ රිදී වලින් නිම කරන ලද...

ශ්‍රී පතුලට ඉහළින් රන් මුතු මැණික් සහ රිදී වලින් නිම කරන ලද රන් වියනක් සවි කරයි

ඊයේ (14) දින ශ්‍රී පාද පතුලට ඉහලින් රන් , මුතු , මැණික් සහ රිදී වලින් නිම කරන ලද රන් වියනක් සවි කර තිබෙනවා.

ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ අනුශාසනාව පරිදි සසුනය සවිය කළණ මිතුරු සවිය විසින් මෙම රන් වියන නිර්මාණය කරන ශ්‍රි පාද උඩ මළුව වෙත පෙරහැරකින් වඩම්මවා ශ්‍රි පාද උඩ මළුවේ වැඩ සිටින ශ්‍රී පාදස්ථාන භාරකාර දොරපනේ සුමනජොති හිමියන් ඇතුළු මහ සංඝ රත්නය විසින් රන් වියන සවි කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භවී 13 වන කෙම්මුර පුජාව (14) දින පස්වරුවේ ශ්‍රී පාද උඩ මළුවේ වැඩම කර සිටින මහ සංඝ රත්නය විසින් පැවැත්විමෙන් අනතුරුව රන් වියන පෙරහැරකින් වඩම්මවායි මෙය සවි කර තිබුනේ.

ක්‍රි.පු 1580 වසරේදි නරෙන්ද්‍රසිංහ රජුගේ සමයේ පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස වැඩම කර සිටි මඩගම්මන හිමියන් විසින් ආඩින්ගෙන් ශ්‍රී පාදස්ථානය මුදාගෙන ශ්‍රී පාද පත්මය තල් අතු වලින් ආවරණය වන පරිදි වියනක් සකස් කර තිබු බවට ඉතිහාසයේ සදහන් වන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පවසා සිටියේ.

එවකට ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් කැපවිමෙන් කටයුතු කල නව මඩගම්මන හිමියන්ට ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් නරෙන්ද්‍රසිංහ රජු විසින් මඩගම්මන සන්නස යනුවෙන් සන්නසක්ද පිරි නමා ඇති බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් අප වාර්තාකරු හා පවසා සිටියේ.

ඉතිහායේ පළමු වතාවට 2023 වසරේ රන් , මුතු , මැණික් සහ රිදී වලින් නිම කරන ලද රන් වියනක් ශ්‍රී පතුලට ඉහලින් සවි කල බවත්, එසේ සවි කල රන් වියන ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන විට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේව ආභරණ සමග වඩම්මවා ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් තැන්පත් කර යලිත් 2023-2024 ශ්‍රී පාද වන්දනා වාරයේදි රන් වියන යලිත් ශ්‍රී පාද මළුව වෙත වඩම්මවන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.