31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට නින්දා සහගත පරාජයක්

ශ්‍රී ලංකාවට නින්දා සහගත පරාජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව තුන්වන එක්දින තරගයෙන් ලකුණු 317ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලිය තරඟ 3-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 දී කඩුලු 5ක් දැවී ලකුණු 373ක් ලබා ගැනීමට සමත්වුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 166 ක්ද,සුබ්මන් ගිල් 166ක්ද ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ ලකුණු 73 ක් පමණයි.