― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසේනා මඩින්න බෙහෙතක් සොයාගනී

සේනා මඩින්න බෙහෙතක් සොයාගනී

බඩඉරිඟු වගාවේ පැතිර පවතින සේනා දළඹුවා හානිය මර්දනය සඳහා දේශීය ජෛව කෘමිනාශකයක් නිෂ්පාදනය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දේශීය ආයතනයක් වන සාරභූමි ලංකා බයෝප්‍රඩක්ට් ආයතනයේ තරුණ ජීව විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ජෛව කෘමිනාශකය නිෂ්පාදනය කර තිබේ.

දැනට ලාංකාවෙි පරිසරයේ සිටින බැක්ටීරියාවක් යොදා ගනිමින් කර තිබෙන මෙම නිෂ්පාදනය බඩඉරිඟු අක්කරයක වගාවක් සඳහා යෙදීමට වැය වන්නේ රුපියල් 5000ක් බවද දැනට භාවිතා කරන කෘමිනාශක අක්කරයකට යෙදීමට රුපියල් 25,000ක් 30,000ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙන බවත් අමාත්‍යාංශය පවසයි.

මෙම ජෛව නිෂ්පාදනය නියැදියක් ලෙස තිරප්පනේ බඩඉරිඟු වගාවකට යොදා තිබෙන අතර සේනා දළඹුවා සියයට 100කින්ම විනාශයට පත් ව තිබේ.

මෙම නිෂ්පාදනය භාවිතය සදහා කඩිනමින් අවසර ලබා දීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මියට උපදෙස් දුන්නේය.

එමෙන්ම දිවයිනේ සේනා දළඹු හානිය පවතින තවත් දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිඟු වගාවට මෙම ජෛව කෘමිනාශකය යොදා අත්හදා බලන ලෙසත්, කෙසේ වුවත් මෙම නිෂ්පාදනය ජෛව නිෂ්පාදනයක් හෙයින් පරිසරයට හානිකර නොවන නිසා දැනට සේනා දළඹු හානිය පවතින වගාවන් යෙදීමට අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.