― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බව එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකිය.