අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වී ඇති බවත් ආණ්ඩුවේ මිනිසුන්ට අඩු අන්තට්ටුවයි වලිගයයි පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
“ජනාධිපතිතුමාට සැලසුමක් නැහැ සුරංගනා කතා කිය කියා ඉන්නවා. ජනවරමකින් මේ ආණ්ඩුව පෙරලනවා. ජන අරගලය ඉදිරියට ගෙනියනවා. නැවතත් අරගලයක් ජනතා විප්ලවයක් ගොඩනඟනවා. දූෂිත පාලනය එළවනවා. අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා ඉවරයි. දූෂිත දේශපාලඥයන් තොර රටක් ගොඩනගනවා. දෙවැනි අරගලයට ශක්තිමත් අඩිතාලමක් හදනවා. සියලු කොටස් එකතු කරගෙන. නොවැටෙන අරගලයක් ගොඩනගනවා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගයයි විතරයි අඩු.”