29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් රැගෙන එන ලකුණු ?

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් රැගෙන එන ලකුණු ?

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්ගේ සංචාරය අතරතුරදී මෙරට ආර්ථික අර්බුදය සඳහා සහය ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි සහ මෙරට ණය සම්බන්ධයෙන් “ධනාත්මක” ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම පිළිබඳ එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරනු ඇතැයි එම පුවත්පත පෙන්වා දී තිබේ. එසේම බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, විදේශ මුදල් හුවමාරු පහසුකම් සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන බවත් එස්.ජයිශංකර් මහතාගේ දෙදින නිල සංචාරයේදී ඒ පිළිබඳ නිවේදන කිහිපයක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත්  “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ණය සහ ණය පහසුකම් ඇතුළු ඩොලර් බිලියන 4ක පමණ ඒකාබද්ධ පැකේජයක් සහ ආසියානු නිෂ්කාෂණ සංගමය හරහා ණය ගෙවීම කල් දැමීම ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේදී බලාපොරොත්තු තබා ගත හැකි බව එම “ද හින්දු” පුවත්පත සඳහන් කර ඇත.