― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsකැරපොතු වඩේට රුපියල් 80,000ක දඩයක්

කැරපොතු වඩේට රුපියල් 80,000ක දඩයක්

කැරපොත්තන් සමඟ වඩෙ අලෙවි කළ යාපනයේ අවන්හලකට සඳහා රුපියල් 60,000ක සහ රුපියල් 20,000ක දඩයක් නියම කර තිබේ.

දෙසැම්බර් 4 වැනිදා එම අවන්හලෙන් මිලදී ගත් වඩයක කැරපොත්තෙකු සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව යාපනය නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ඊට පසුවදා එම ආපනශාලාව පරීක්ෂාවට ලක් කොට තිබේ.

අදාළ පරීක්‍ෂාවේදී අඩුපාඩු රැසක්ම සොයා ගැනීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ආපනශාලාවට සහ මුළුතැන්ගෙයට එරෙහිව වෙන වෙනම නඩුවක් ගොනු කරනු ලැබීය.

ඉන් අනතුරුව අධිකරණ කටයුතු අවසන් වනතෙක් අවන්හල සහ මුළුතැන්ගෙය නීත්‍යානුකූලව මුද්‍රා තබා වසා තබන ලෙස අධිකරණය නියෝග කළේය. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අවන්හල සහ මුළුතැන්ගෙය නීත්‍යානුකූලව මුද්‍රා තබන ලදී.

කෙසේ වෙතත් අද (16) මෙම නඩුව අධිකරණයේ විභාගයට කැදවූ අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් අපරාධය පිළිගත් පසු අවන්හලට රුපියල් 60,000ක දඩයක් සහ මුළුතැන්ගෙයට රුපියල් 20,000ක දඩයක් නියම කළ අතර අවන්හල නැවත විවෘත කිරීම සඳහා අධිකරණය අවසර ලබා දී තිබේ.